' හෙලෝ තාත්තා '
' ආයු මෙහෙ එන්නෙ නැද්ද කොච්චර කල් ඉදන්ද කියන්නෙ '
' තාත්තා මම බැඩ්මින්ටන් ක්ලබ් එකකට ජොයින් වුනා '
' ම්ම් තව ටිකක් හිතලා බලන්න '
' බලමු තාත්තා '
' දැන් මොකද කරන්නෙ '
' තාත්තා මේ සිකුරාදා මම ගමේ යනවා '
' ම්ම් රිසෝට් එකේ ප්‍රශ්නෙටද '
' ඔව් '
' කරන දෙයක් පරිස්සමෙන් '
' හරි '
' ආයු මම කීව දේ ගැන ටිකක් හිතන්න '
' හරි තාත්තා මට මතකයි '
.......... රිදෙන්න පුළුවන් හැම විදිහටම රිදුන හිත් කාලයත් එක්ක ඒ වේදනාවට හුරු වෙනවා. ඉතින් අවසානෙට වේදනාවත් සාමාන්‍ය දෙයක් වෙනව. ඉන් එහාට වේදනාව සහ බැදීම් ගැන ඒ මිනිස්සු කිසිම ගානක් නෑ .......... ආයුට වුනත් ඒකම තමා. දැන් අම්මයි තාත්තයි කෝල් කර කර මන්තර වගේ මතුරන හැම දෙයක්ම සාමාන්‍ය දෙයක් වෙලා. දැන් ඒක ගනන් ගන්නෙ නැති තරන් දුරට සාමාන්‍ය වෙලා. හමදාම කියන්නෙ එකම දේනෙ.
ආයු බැඩ්මින්ටන් ක්ලබ් එකට ජොයින් වෙලා දැනට සති තුනක් විතර වෙනවා. අනිත් එක සීයගෙ නුවරඑළියේ හොටෙල් එකෙයි , කුරුණෑගල තියන එකෙයි සම්පූර්ණ අයිතිය තිබ්බෙ ආයුට. සත්රූ නැෂනල් ටීම් එකේ ප්ලේ කරන්න අරන් හරියටම සතියයි. සිතුම් ගැන කීවොත් එයාගෙ සීයගෙ බිස්නස් වැඩ ඔක්කොම බලාගන්නෙ සිතුම්. යෙනුජට මේ වෙනකොට ක්ලබ් දෙකක සම්පූර්ණ අයිතිය තියනවා. ඉස්සරහට තව ඉගෙනගන්න ඕනෙ කියන එකන්නන් එයාලගෙ ඔලුවෙ ඇත්ත්තෙම නෑ. මොකද කීවොත් හතරදෙනාම රන් හැන්ද කටේ ගහන් ආව අයනෙ.
" අපි කුරුණෑගල යන්නෙ කවද්ද ආයු " ඒ සත්රූ.
" සිකුරාදා , දවස් තුනකට ඉන්න බලන් යමු. ඊටවඩා ඉන්න වෙයිද කියම්න බෑ "
" ඇයි "
" එහෙ ටිකක් ප්‍රශ්න වැඩී ඒ හින්දා. ඔයාලට එන්න ඕන්නන් දවස් තුන ඉදලා එන්න "
" අවුලක් නෑ අපිත් ඉන්නන් "
" ම්ම් "
" උඹ පොඩිකාලෙ ගිය තැන්වලට යමු "
YOU ARE READING
ආයු ( Non fiction )
Non-Fiction" ඔයාට ආදරේ කියන්නෙ අකුරු හතරක් වුනාට.... මට ඒක අකුරු කරගන්න්න බැරි හැගීමක්. මම ආදරේට හරි ලෝබයි අයියෙ " - ජානුල් ඒනාශ් ( ආයු ) " රසකරලා කියන්න අනිත් අයට වගේ ලස්සන ස්ටෝරියක්නන් මට නෑ මල්ලි ඒත් උඹ දකිනකොට මගෙ හිතට එන හැගීම අවංකයි " - එනුක ඉවේන්