ආයු නැගිටිනකොට දැනුනෙ එයාගෙ ඔලුව සනීපෙට අතගානව. මදි පාඩුවට කියලා ඒ ඔලුව අතගාන කෙනාගෙ අනිත් අතෙන් ආයුව තුරුල් කරන් හිටිය යෙ. ඒත් කවුද. සාමාන්‍යයෙන් යාලුවො තුන්දෙනා මේ කාමරේට අඩිය තියන්නෑනෙ. ඒකත් මෙච්චර උදේම. අනිත් එක තනියම. එනවනන් එන්නෙ තුන්දෙනාමනෙ එතකොට මේ කවුද. ආයු ටිකක් බෙල්ල හරවලා බැලුවෙ කවුද කියලා. එතකොටම දැක්කෙ එයා දිහා බලන් ඉන්න දුඹුරු පාට ඇස් දෙකක්.
" ඔ..ඔයා " බය වුන පාර තව ටිකෙන් කොල්ලා ඇදෙනුත් බිම. තව ටිකෙන් නෙමේ අල්ලගත්තෙ නැත්තන් උදේ පාන්දරම කොන්ද ලෙප්ට්. ඉන්න කෙනා දත් තිස්දෙකම එලියට දාලා ආයමත් ආයුව ලගට ඇදලා ගත්තා.
" වැටෙයි බං නටන්න එපා "
" ඇයි මෙහෙ "
" ඊයෙ කෙනෙක් මට කීවනෙ යන්න එපා කියලා ඉතින් මං හිටිය " ඉන්න කීවද. අඩුම තරමෙ ආයුට ඒකවත් මතක තිබ්බෙ නෑ. ඔවේන් දිහා බලන් හිටියෙ ඇස් දෙකත් ජිල් බෝල සයිස් කරගෙන.
" ඔහොම බ්ලන්න එපා යකෝ මමත් හැගීම් තියන මනුස්සයෙක් "
" යෙහාන් කොහෙද "
" අන්න ඒක බොන්න ඕනෙ ප්‍රශ්නයක්. ඊයෙ ඉන්නවා කීවා විතරයි ඌ ගිහින් සත්රූගෙ කරෙ "
ආයු රෑ ඉවේන්ව අතාරින්නෙ නැතුව යන්න එපා ගගා කියවන්න ගත්ත හින්දා ඉවේන් , යෙහාන් දෙන්නා අධිකාරි මැන්ෂන් එකේ නතර වෙන්න තීරණය කරා. ' අද මෙහෙ ඉදලා ' කියන ටික විතරයි ඊයෙ කියාගන්න පුළුවන් වුනේ. යෙහාන් ගිහින් නිදි කිර කිර හිටිය සත්රූගෙ කරේ. ගියපු යෑමට උදේට නිදාගනනින්න විදිහ බලන්න ඉවේන්ට ලොකු ආසාවක් තිබ්බා මොනා කරන්නද ඒක බලන්න පින නෑනෙ ආයු අත උඩ නිදිනෙ.
" අයියෙ "
" ම්ම් "
" බඩගිනී හලෝ "
" ඊයෙ බාගෙට කෑව ඒවට හොද පාඩන්. පහලට එන්න ම්ම කෑම හදන්නන් "
ඉවේන් තනියම හිටිය දවස්වල උයාගන කාලා තියන හින්දා කෑම උයන එකේ එක්ස්පර්ට් කෙනෙක් කීවොත් වැරදි නෑ. ඉවේන් පහලට යනකොටත් අනිත් අය මූණවත් අපායට ගහපු කැලන්ඩර් වගේ කරගෙන බලන් ඉන්නවා.
YOU ARE READING
ආයු ( Non fiction )
Non-Fiction" ඔයාට ආදරේ කියන්නෙ අකුරු හතරක් වුනාට.... මට ඒක අකුරු කරගන්න්න බැරි හැගීමක්. මම ආදරේට හරි ලෝබයි අයියෙ " - ජානුල් ඒනාශ් ( ආයු ) " රසකරලා කියන්න අනිත් අයට වගේ ලස්සන ස්ටෝරියක්නන් මට නෑ මල්ලි ඒත් උඹ දකිනකොට මගෙ හිතට එන හැගීම අවංකයි " - එනුක ඉවේන්