🍂 06 කොටස

268 40 6
                                    

🌼 මල්සර

සිතුකගෙ ඉවරයක් නැති ප්‍රශ්න පත්තරෙටත් උත්තර දීලා ආපහු අපි ගෙට ආවේ තව දවල් නොවි කොළඹ යමු කියලා කතා වෙලාමයි. මොකද හෙට උදෙන්ම අයියට මීටින් එකක් ලු. මට තව දවසක් දෙකක් ඔන්නම් ඉදල එන්න කියලා අයියා කිව්වත් මේ නෑයෝ ගොඩට වෙලා ඉන්න කිසිම ආසාවක් මගෙ තිබ්බෙ නැ. එ නිසා ගත් කටටම මං බැ කියද්දි අයියත් එතනින් එහාට මුකුත් කියන් ආවෙ නැ.

අයියට නම් ගමට වෙලා ඉන්න ආසයිලු. එත් දැන් තියෙන තත්වෙ හැටියට අයියා ගාමන්ට් එකට නොයා කොහොමත් බැහැ. ගාමන්ට් එකෙ මැනේජර් හැටියට තාමත් ඉන්⁣නෙ තාත්තා ඉද්දි හිටපු මැනේජර්මයි. අයියට බිස්නස් එකට අතට ගත්තත් ඒක පාලනෙ කරන් යන්න ගොඩක් උදව් කරේ මිස්ට නොයෙල් තමයි. අයියා නැති වෙලාවල් වලදි එයා ⁣හැමදේම ගැන හොයලා බැලුවත් මිස්ට නොයෙල්ටවත් පාලනෙ කර ගන්න බැරි ප්‍රශ්න වගයක් තමයි මෑතකදි ගාමන්ට් එකට එන්න පටන් ගත්තෙ.


දවස් දෙක තුනකට ඉන්න ආව ගමනෙ ඇඳුම් ගොඩක් ගෙනාවෙත් නැති එකේ ලැස්ති කරගන්න කියලා ⁣බෑග් නම් තිබ්බෙ නෑ. අපි යන්න ලැස්ති වෙලා එලියට එද්දි සාලෙ පිරිල හිටිය කවුරුත්ම පේන්න නැ. හම්මේ හුබස් වලට රිංගල වෙන්නැති. කාටවත් යනවා කියන්නවත් කරදර නොවි අයියයි මායි ගෙයින් එලියට ආවේ ඒ තරම් බැදියාවක් අපෙ කොහොමත් ඇත්තෙ නැති නිසයි. සීයා නම් එ එද්දි ස්තොප්පුවෙ හාන්සි පුටුවට වෙලා බර කල්පනාවෙ.

සීයටත් වැඳලා එලියට බහිද්දි ම තමා සිතුක කොහෙදො මංද ඉදන් දුවන් ආවෙ මං ගාවට. කොල්ලගෙ මූන අඩන්න ඔන්න මෙන්න. දවස් දෙකක් වුනත් පොඩ්ඩා මාත් එක්ක සෑහෙන්න ෆිට් වෙලා හිටියෙ. පොරට දුකයි ඉතිං.. ආපහු එන්නම්, කෝල් කරන්නම් තව රටෙ නැති කතා කියල කියලා ශේප් කරල තමා ගැලවෙන්න පුලුවන් වුනේ. හප්පේ පොඩි ඇච්චො ඔක්කොම මෙහෙමද.....

ආවත් මොකො මටත් නිකන් මොකද්ද වගෙ පොඩි මෑන් හිටපු හැටි දැක්කම. මම ලෙසියකට මිනිස්සුන්ව ඔනවට වඩා ලං කරගන්නැ. යාලුවො නම් ⁣යන යන තැන ඉන්නවා තමයි එත් ඔන කෙනෙක් තියාගන්නෙ ලිමිට් එකකට. එවුනාට එහෙම හම්බ වෙච්චි අයගෙන් සිතුක වෙනස්ම කෙනෙක් වුනා. මං මීට කලින් පොඩි අයත් එක්ක මම කතාවට ගිහින් නැති නිසාද එ.... අනෙ මංද අප්පා.

 🌼 මල්සර ( Non - Fiction )Where stories live. Discover now